මිලියන 5කට රිදවූ ගං වතුර

අගෝ 26, 2024

    මෝසම් වැසි හේතුවෙන් ගංගා පිටාර ගැලීමත් සමග බංග්ලාදේශයේ මිලියන 5.2 ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ජීවිත හානි 36ක් පමණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

    ඊසාන දිග ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ දේශ සීමා අවට ගංගා වල ජල මට්ටම් ඉහල යාම නිසා අවදානමට ලක්ව ඇති පිරිස් ගලවා ගැනීමට සහන කණ්ඩායම් ප්‍රයත්න දරමින් සිටී.

    හුදකලා වී සිටින පිරිස් සඳහා ආහාර, පිරිසිදු ජලය, බෙහෙත් සහ ඇඳුම් ආදිය අත්‍යවශ්‍ය වී ඇති අතර, මාර්ග අවහිර වීම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් වලට සහ සහන කටයුතුවලට බාධා ඇති වී තිබෙන බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

    එරට අන්තර්වාර රජයේ ප්‍රධානී මොහොමඩ් යූනුස් රූපවාහිනී දේශනයකදී කියා සිටියේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා පරිපාලනය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

    2022 වසරේ ජූලි මස එරට ඇතිවූ ගංවතුරෙන් පුද්ගල ජීවිත 200 කට අධික ප්‍රමාණයක් අහිමි වුනා.

    Last modified on සදුදා, 26 අගෝස්තු 2024 09:25

    Latest News