යුද ගිනි ඇවිලෙන ගාසා, තවත් බිල්ලක්

අගෝ 22, 2024
    ගාසා නගරයේ අවතැන් වු පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි පාසලකට එල්ලවු ඊශ්රායල ගුවන් ප්රහාරයකින් පලස්තීන වැසියන් දොළොස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    හමාස් පාලනයට අයත් සිවිල් ආරක්ෂක අධිකාරිය ප්රකාශ කරන්නේ ප්රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    ප්රහාරය එල්ල වී ඇත්තේ බටහිර රිමාල් ප්රදේශයේ පිහිටි මුස්තාෆා හෆීස් පාසලටයි. සිද්ධියෙන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර සුන්බුන් යට සිරවි සිටින පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.
     
    මෙම පාසල තුළ හමාස් අණදෙන පාලන මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය බවත් එය ඉලක්ක කර ප්රහාරය සිදුකළ බවත් ඊශ්රායල හමුදාව පවසනවා.
     
    සිවිල් වැසියන්ට හානි වියහැකි අවදානම අවම වන පරිදි ක්රියා කළ බවද ඔවුන් කියා සිටිනවා.
     
    මේ අතර කාන් යුනිස් ප්රදේශයේ රඳවා සිටි ඊශ්රායල ප්රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු එරට බට පිරිස් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    Latest News