රුසියාවට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

අගෝ 22, 2024
    රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

    ඉන් ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

    රුසියානු බලධාරීන් පවසන්නේ 2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි.
     
    රුසියානු මර්මස්ථාන වෙත එල්ලවන යුක්‍රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවද සඳහන් වනවා.
     

    Latest News