ට්‍රම්ප් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට

අගෝ 07, 2024
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට දේශපාලනඥයන් කිහිපදෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කරමින් සිටින බවට සැලකෙන අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    අමෙරිකානු බලධාරීන් පවසන්නේ, 46 හැවිරිදි අසිෆ් මර්චන්ට් නමැති පාකිස්තාන ජාතිකයෙකු වන ඔහු ඉරානය සමග සබඳතා පවත්වන බවයි.
    ඉකුත් ජූලි මාසයේ නිව් යෝර්ක් නගරයේ ප්‍රකට ඇමරිකානු නිලධාරියෙකු ඝාතනය සදහා කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
    ඇමෙරිකානු FBI පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ රිපබ්ලිකන් දේශපාලකයින් කිහිපදෙනෙකු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඔහු කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති බවයි.
    ඉරානය මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බව FBI අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වේ චෝදනා කරනවා. එය මැඩපැවැත්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.

    Latest News