බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්

අගෝ 07, 2024
    බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්රාමාත්යවරයා ලෙස නොබෙල් සාමත්යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා තිබෙනවා.

    ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.

    ශිෂ්ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්රාමාත්යවරිය ෂෙයික් හසීනා, අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.
     
    කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්රාමාත්ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවයි.

    Latest News