දෙදෙනෙකුට මරු කැඳ වූ ජෙට් අනතුර

පෙබ 10, 2024
    ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
     
    ඒ ගුවන් යානය නේපල්ස් නාගරික ගුවන්තොටුපොළට ගොඩබෑමට මිනිත්තු දෙකකට පෙර, ගුවන් නියමුවා විසින් ගමනාගමන පාලකවරයාට යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති බව දන්වා හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව පවසා ඇති අවස්ථාවේදීය.
    ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
    ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව තිබෙනවා.
    Last modified on සෙනසුරාදා, 10 පෙබරවාරි 2024 10:08

    Latest News