රූපවාහිනියට කඩා පනියි වැඩ වරදියි

ජන 10, 2024
    ඉක්වදෝරයේ රූපවාහිනී මධ්‍යස්ථානයක සජීවී විකාශයක් අතරතුර ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය බිය ගන්වා බිම දණගස්වා තැබීමේ දර්ශන මාධ්‍යයට නිකුත් කෙරුණා.

    කළු පැහැති මුහුණු සහ මුව ආවරණ පැලදී ආයුධ සන්නද්ධ පිරිසකුයි මෙසේ කඩා වැදී ඇත්තේ. කාර්ය මණ්ඩලය බිය ගන්වා ඇත්තේ, ඉහලට වෙඩි තබමින්. ආයුධ සන්නද්ධ පිරිස කඩාවැදීම ඇතුළු ක්‍රියාවන් මුළුමනින්ම රුපවාහිනී සජීවීව විකාශයෙන් දැකගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වුණා.

    ඉක්වදෝර ජාතික පොලිසියේ විශේෂ ඒකකය ආයුධ සන්නද්ධ පිරිසෙන් 13 දෙනෙකු රුපවාහිනී මධ්‍යස්ථානය තුලදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සනද්ධ පිරිස අත්අඩංගුවට ගන්නා ඡායාරුප පොලිසිය මෙහෙයවන සමාජ මාධ්‍ය ඔස්සේ, නිකුත් කෙරුණා.
     
    ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා එරට ආයුධ සන්නද්ධ පිරිස් මර්දනය කිරීම සඳහා හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි මෙම පිරිස රූපවාහිනි මධ්‍යස්ථානයට කඩාවැදී ඇත්තේ.

    Latest News