මාරාන්තික ගමනේ අවසානය ?

දෙසැ 17, 2023

    ලිබියාවට ආසන්න මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරළීමෙන් 60කට අධික පිරිසක් අතුරුදන්වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.   ඔවුන් ලිබියාවේ සුමාරා නගරයෙන් ගමන් ආරම්භ කර ඇති බවයි.  

    අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාව තුළ  කුඩා දරුවන් ද ඇතුලුව  පුද්ගලයින් 86 දෙනෙකු සිටි බව වාර්තා වනවා.  25 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය  වාර්තාවල සඳහන්.  

    යාත්‍රාව තුළ සිටි පිරිස පැමිණ ඇත්තේ,නයිජීරියාව,  ගැම්බියාව ඇතුලු අප්‍රිකානු රටවලින්.  අනතුරින් ‍දිවි බේරාගත් 25 දෙනා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ආධාර සැපයීමට පියවර ගෙන තිබෙනවා.  

    දැනට පවතින තොරතුරු අනුව මේ වසරේදී පමණක් මෙලෙස සංක්‍රමණික‍ බෝට්ටු මගින් ගමන් කිරීමේදී දෙදහසකට අධික සංඛ්‍යාවක් දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ. 

    මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට ඇතුලුවීමට උත්සහ දරණ සංක්‍රමණිකයින් සඳහා  ප්‍රධාන පිටවීමේ ස්ථානයක් ලෙස  ලිබියාව හඳුන්වන අතර එය මාරාන්තික ගමන් මාර්ගයක් ලෙස ද  සැලකෙනවා.                        

    Latest News