ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලයෙන්ම මැරුම්කයි

දෙසැ 16, 2023

    හමාස් සටන්කරුවන් යටතේ සිටි ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඊශ්‍රායල හමුදාවේ අත්වැරදීමකින් ඝාතනය වී තිබෙනවා.

    ඒ, ඊශ්‍රායල හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී. ගාසා තීරයේ, ෂෙජායියාහි දී ඊශ්‍රායල හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී මෙම ප්‍රාණ ඇපකරුවන් තිදෙනාට වෙඩි වැදී තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ඔවුන්ගේ මරණය පිළිබඳ සිය කනසල්ල පළ කර ඇතැයි වාර්තා වනවා. ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් සිරගතව සිටිනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මිය ගිය අයගේ පවුල් වෙත ශෝකය පළ කර තිබෙනවා. හමුදා නිවේදනයෙන් පසු සියගණනක් ජනයා මධ්‍යම ටෙල් -අවිව් නගරයේ රැස් වී, එහි ඇති හමුදා කඳවුරකට පා ගමනින් ගිය අතර. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියා. ප්‍රාණ ඇපකරුන්වන්ගේ සිරුරු ඊශ්‍රායල භූමිය වෙත ආපසු ලබා දී ඇති අතර, එහිදී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ශෝකය පළ කරමින් කියා සිටියේ "ඉවසිය නොහැකි ඛේදවාචකයක් සිදුව ඇති බවයි.

    Latest News