ලිබියාවේ 200 දෙනෙකුට මරු කැඳවූ "ඩැනියෙන්" සුළිකුණාටුව

සැප් 12, 2023

    නැගෙනහිර - ලිබියාවට බලපෑ "ඩැනියෙන්" සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් 200 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහෙත්, එරට රජය පවසන්නේ, මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යා හැකි බවයි.

    පවතින ගංවතුර තත්වයත් සමග එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1000 ක පමණ පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. "ඩර්නා" ප්‍රදේශය ආපදාවට පත් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ‍"ඩැනියෙල්" සුළි කුණාටුව මීට දින දෙකකට පෙර උතුරු අප්‍රිකානු කලාපයට කඩා වැඳුණු අතර, එය ලිබියාවට ද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. "ඩර්නා" ප්‍රදේශයේ වේලි දෙකක් කැඩී යාමෙන් ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වුණා. සහන සේවා අතරතුර ලිබියානු හමුදා සෙබළුන් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැගෙනහිර ලිබියාවට ඇඳිරිනිතිය පනවා ඇති අතර, පාසල් සහ වෙළෙඳසැල් වසා දමා තිබෙනවා. බෙංගාසි, සුසේ, අල්මාර්ච් යන නගරවලට ද, සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. රතු කරුස සංවිධානය පවසන්නේ, නිවාස 150 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 12 සැප්තැම්බර් 2023 13:41

    Latest News