මොහොමඩ් නෂීඩ් යළි සිය රටට

ඔක් 31, 2018

    මාලදිවයිනේ හිටපු ජනාධිපති, මොහොමඩ් නෂීඩ්ට යළි සිට රටට යාමට ඉඩ-කඩ ලැබී තිබේ.

    ඒ, එරට ශ්‍රේෂ්ඨාධිකරණය නෂීඩ්ගේ දහතුන් අවුරුදු සිර දඬුවම අත්හිටුවීමත් සමඟයි.

    අධිකරණ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්වූයේ, හිටපු ජනාධිපති නෂීඩ් රටින් බැහැර වී දෙවසරකට අධික කාලයක් ගතවූ පසුවයි. ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් සිර දඬුවම පනවා තිබේ.

    ඒ, හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ගයුම්ගේ පාලනය යටතේ.ඉකුත්දා පැවති ජනාධිපතිවරණයෙන් ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් බලයට පත්වීමෙන් පසු, ගයුම් පාලනය යටතේ පීඩාවට පත්වූවන් රැසකට සහන ලබාදී ඇත.

    සිරදඬුවම් අවලංගු කිරීම් හා රටින් බැහැරවූවන්ට යළි මාලදිවයිනට පැමිණීමට ඉඩකඩ සලසා දීම එම සහන අතරින් මුල් තැනක් ගනී.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 08:33

    Latest News