කුණාටුවක් කළ හදියක්

අගෝ 10, 2023

    "ඛානුන්" සුළි කුණාටුවෙන් දකුණු කොරියාවේ ගිනිකොණ දිග වෙරළබඩ ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    එරට දහස් ගණනක් ජනතාව මේ වන විට ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    "ඛානුන්" සුළි කුණාටුව හේතුවෙන් දකුණු ‍කොරියාව පුරා මේ වන විට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එරට ගුවන් ගමන් 300 කට වැඩි ප්‍රමාණයක් ද අවලංගු කර ඇති බවයි, වාර්තා වන්නේ. දස දහසකට අධික පිරිසක් මේ වන විටත් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවසන්.

    සුළි කුණාටුවේ බලපෑමත් සමග එරට නැගෙනහිර වෙ‍රළබඩ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පවතින බවයි, කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.

    Latest News