නැගෙනහිර අමෙරිකාවට කුණාටු බලපෑමක්

අගෝ 09, 2023

    අමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති  දැඩි කුණාටු සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

    ලක්‍ෂ 7 කට අධික ජනතාවකට  විදුලි විසන්ධි වීම් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    ඇලබාමා සිට නිව්යෝර්ක්  දක්වා නැගෙනහිර මුහුදු තීරයට තද සුළං සහිත කුණාටු කාලගුණික තත්වයක් හට ගෙන  තිබෙනවා. එය, පැයට කිලෝ මීටර 80 ක පමණ වේගයෙන් හැමූ බවයි, වාර්තා වන්නේ. ටෙනසී සිට නිව්යෝර්ක් දක්වා ප්‍රාන්ත 10 කට ටොනෙඩෝ තත්වයක අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබෙනවා.

    ඉදිරියේ දී  වොෂින්ටන් -  බැල්කිමෝර් කලාප‍ය දැඩි අවදානමට ලක් විය හැකි බවයි, බලධාරින් පවසන්නේ. ගුවන් ගමන් 1,700 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා. ගමන් වාර 8,000 ක් ප්‍රමාද කිරීමට සිදු වූ බව, එරට ගුවන් සේවා අංශ නිවේදනය කළා.

    Latest News