ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් සිව් දෙනෙකු මරුට

අගෝ 07, 2023

    ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින්, සිරියානු සොල්දාදුවන් සිව් දෙනෙකු අද මියගියා.

    තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි, සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඩැමස්කස් නුවර ආසන්නයේ ගෝලාන් ප්‍රදේශයේ සිටින සිරියානු හමුදා ඉලක්ක කර ඊශ්‍රායල හමුදා ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මේ අතර, සිරියානු ගුවන් ආරක්ෂකයින් ඊශ්‍රායල මිසයිල කිහිපයක් බිම හෙළා ඇති බව ද සඳහන්. 

    ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ ජෙනී සරණාගත කඳවුර ආසන්නයේ දී පලස්තීන සටන්කාමීන් තිදෙනෙකු වෙඩි තබා මරා දමා ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා. 

    Latest News