මෙතෙක් ලොව උණුසුම වැඩිම මාසය

ජූලි 28, 2023

    ලොව උණුසුම වැඩිම මාසය ලෙස ජූලි මාසය වාර්තා වනවා.

    2019 වසරේ පැවති වාර්තා අභිබවා යමින් අද දිනය දක්වා මෙම මාසය ගෝලීය වශයෙන් අධිකම උෂ්නත්වයක් පෙන්නුම් කර ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසන්නේ, පෘථිවිය මේ වන විට ගෝලීය තාපාංක යුගයකට මුහුණපා ඇති බවයි. ගෝලීය වශයෙන් උෂ්ණත්වය මෙලෙස ඉහළ යාමට පොසිල ඉන්ධන භාවිතය මූලික වශයෙන් හේතු වී ඇති බවයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ, ගතවූ වසර එක්ලක්ෂ විසිදහසක කාලය තුළ වාර්තා වූ උෂ්ණාධිකම මාසය මෙම වසරේ ජුලි මාසය හැඳින්විය හැකි බවයි.

    Latest News