පළාත් කිහිපයකට දැඩි උණුසුම

මාර් 07, 2019

    උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානයන්හි අද වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකියි.

    ඒ සම්බන්ධයෙන් ජනතාව විශේෂ අවධානය යොමු කළයුතු බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනූව, වැඩබිම් පරිශ්‍රයන්හිදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතුයි. නිවෙස් තුල දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැළකිලිමත් විය යුතු අතර, කුඩා ළමයින් වාහන තුල තනියම රඳවා නොයන ලෙස උපදෙස් දී තිබේ.

    එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, විවේකය සඳහා හැකිතාක් සෙවස ඇති ස්ථාන තෝරා ගන්නා ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා. ඌව පළාතේ සහ රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල අද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැඩි ඇතිවිය හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. කළුතර සිට ගාල්ල ඔස්සේ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 08:40

    Latest News