උණුසුමෙන් ගිනියම් වන සිරියාව

ජූලි 29, 2023

    අධික තාප තරංග හේතුවෙන් සිරියාවේ බොහෝ පිරිසක් ජීවිත අවදානමකට ලක්ව සිටින බව, එරට මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය අනතුරු අගවනවා.

    සිරියාවේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 සිට 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි, එම කාර්යාලය පෙන්වා දෙන්නේ. ‍ සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් තවමත් කඳවුරුවල ජීවත් වන බව, එරට මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසනවා. අධික උෂ්ණත්වය හේතුවෙන් එම කඳවුරුවල බොහෝ පිරිසක් විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පාමින් සිටින බවයි, එම කාර්යාලය පෙන්වා දෙන්නේ.

    කඳවුරුවල පහසුකම් අවම මට්ටමක පැවතීම නිසා අධික තාපය හේතුවෙන් ඊයේ ළදරුවෙකු මිය ගිය බවද, එම කාර්යාලය පවසනවා. වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය නිසා මෙම මාසය තුළදී වයඹදිග ප්‍රදේශයෙන් ලැව් ගිනි 134 ක් ද වාර්තා වුණා. කෙසේ වෙතත්, සිරියාවේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ, අධික තාපය හමුවේ දැඩි පීඩාවට ලක්ව සිටින අවතැන් ජනතාව කඩිනමින් ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීම ඉතා වැදගත් බවයි.

    Latest News