බටහිර ඕස්ට්‍රේලියා වෙරළට ආ සද්ධන්ත අමුත්තෝ

ජූලි 26, 2023

    බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයකට පැමිණි තල්මසුන් රංචුවකින්  50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

    අතරමංවූ තවත් තල්මසුන් පිරිසක් බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    චෙයින්ස් බීච් වෙරළට මීටර 100 ක් ඔබ්බෙන් මෙය මියගිය තල්මසුන් දැකගත හැකියි.  වනජීවී සහ වෙරළාරක්ෂක සංවිධාන රැසක් තල්මසුන් වෙරළට පැමිණීමත් සමග වහා ක්‍රියාත්මක වී තිබෙනවා.  

    තල්මසුන් 50 දෙනා ඊයේ රාත්‍රී මියගොස් ඇතැයි තහවුරු කර ගැනුණා.  අද උදේ තල්මසුන් 46 දෙනෙකු ගැඹුරු ‍මුහුදු ප්‍රදේශයට යැවීමට පියවර ගත් බවයි බලධාරීන් පවසන්නේ. සමුද්‍ර සත්ව විද්‍යාඥයින් පවසන්නේ, අතරමංවූ තල්මසුන් විශාල වශයෙන් වෙරළ තීරයට පැමිණීම සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

    Latest News