ඇවිළෙන ඊශ්‍රායලය

ජූලි 25, 2023

    ඊශ්‍රායල අධිකරණයේ බලය සීමා කරමින් සිදු කෙරෙන සංශෝධනවලට එරට බලවත් විරෝධතා මතු වි තිබෙනවා.

    සම්මත කරන ලද නව නීති මගින් අධිකරණයට රජයේ ක්‍රියාමාර්ග අභිබවා යාමේ ඇති හැකියාව ඉවත් කර තිබීම ඊට හේතුවයි.

    ‍විරෝධතාකරුවන් පවසන්නේ, මෙමගින් අධිකරණයේ බලය හීන කර ඇති බවයි. මේ වන විට, ඊශ්‍රායල ඉතිහාසයේ පැවැත්වෙන දරුණුම විරෝධතා රැල්ල හට ගෙන තිබෙනවා.

    නමුත්, රජය පවසන්නේ, පසුගිය දශක කිහිපය තුළ අධිකරණය රාජ්‍ය පාලන කටයුතුවලට අනවශ්‍ය ලෙස බලපෑම් කර ඇති බවයි. එම නිසා මෙම ක්‍රියාමාර්ග ගත් බවද, රජය පවසනවා. 

    Latest News