චීනයේ ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටීමෙන් 11ක් මරුට

ජූලි 24, 2023

    ඊසානදිග චීනයේ අධික වර්ෂාව හේතුවෙන් පාසල් ව්‍යායාම ශාලාවක වහලයක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    සුන්බුන් අතරින් මළ සිරුරු සහ තුවාලකරුවන් ගොඩගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාක්මක බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මියගිය අයගෙන් වැඩි පිරිසක් කුඩා දරුවන් විය හැකි බවයි, වාර්තා වන්නේ. අනතුර සිදු වන විට 19 දෙනෙකු එහි සිට ඇති බව, බලධාරීන් පවසනවා. සුන්බුන් අතරින් ගොඩ ගැනුණු 15 දෙනෙකු අතරින් දිවි ගලවා ගැනීමට සමත් වූයේ, 4 දෙනෙකු පමණයි. වහල ඉදිකිරීමට භාවිතා කළ පර්ලයිට් නම් වීදුරු විශේෂයට වැසි ජලය වැටී පෙගීමෙන් එය කඩා වැටී ඇති බවයි, බලධාරීන් පවසන්නේ.

    Latest News