අධික උෂ්ණත්වය නිසා දරුණු වන ඇල්ජීරියාවේ ලැව් ගිනි

ජූලි 25, 2023

    ඇල්ජීරියාව පුරා පැතිර යන ලැව්ගිනිවලින්, 34 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, දහස් ගණනක පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    ඇල්ජීරියාවේ පළාත් 16 ක ලැව්ගිනි 97 ක් හට ගෙන ඇති බවයි, බලධාරීන් පවසන්නේ. වනාන්තර සහ වගාබිම් වලට ගින්නෙන් හානි සිදුව තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 26 ක්.

    ගින්න ‍මැඩපැවැත්වීමට ගිනි නිවීමේ භටයින් 8,000 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. උෂ්ණාධික කාලයගුණය සහ අධික සුළං ලැව් ගිනි පැතිරීම ශීඝ්‍ර කර ඇති බව ගිනි නිවීමේ අංශ සඳහන් කරනවා. 

    ඇල්ජීරියානු කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවන්නේ, එරට උතුරුදිග ප්‍රදේශයේ උෂ්ණත්වය ඉදිරි දින කිහිපයේදී සෙල්සියස් අංශක 48 ඉක්මවිය හැකි බවයි. 

    Latest News