අමෙරිකාවෙන්, යුක්‍රේනයට ඩොලර් මිලියන 400ක යුද ආධාර

ජූලි 22, 2023

    අමෙරිකාව යුක්‍රේනයට ලබා දෙන නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව, වාර්තා වනවා.

    එහි වටිනාකම ඩොලර් මිලියන 400 ක්. රුසියානු - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී මේ වන විට දින 514 ක්. අමෙරිකානු රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව යුද ආධාර පැකේජය සඳහා කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල සහ ගොඩබිම් ධාවන සන්නද්ධ රථ මූලික වශයෙන් ඇතුළත් බවයි, වාර්තා වන්නේ. පැකේජයට පොකුරු බෝම්බ ඇතුළත් කර නොමැති බවද, වාර්තා වනවා. ස්ට්‍රයිකර් සන්නද්ධ රථ, බිම්බෝම්බ ඉවත් කිරීමේ උපකරණ මෙන්ම, ගොඩබිම් සහ ගුවන් මිසයිල පද්ධති සඳහා වන යුධෝපකරණ පමණක් නොව අධි සංචලන කාලතුවක්කු, රොකට් පද්ධති සඳහා වන යුධෝපකරණ ද ඇතුළුව යුද ටැංකි නාශක අවිද අමෙරිකානු නව යුද ආධාර පැකේජය යටතේ යුක්‍රේනය වෙත ලබාදීමට නියමිතයි.

    Latest News