එවරස්ට් බලන්න ගිය අවසන් ගමන

ජූලි 12, 2023

    නේපාලයේ එවරස්ට් කන්ද නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මෙක්සිකානු ජාතිකයන් 5 දෙනෙකු සහ නේපාල ජාතික නියමුවෙකු ඒ අතර වනවා.

    හෙලිකොප්ටර් යානය ඊයේ ගුවන් ගත වී විනාඩි 10කට පමණ පසු එවරස්ට් කඳු පන්තිය නරඹා ආපසු නේපාලයේ, කත්මන්ඩු අගනුවර වෙත ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

    හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්වීමක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි බලධාරීන් සැක කරනවා.

    අනතුර සිදුවූ ස්ථානයට මේ වන විට නේපාල බලධාරීන් සහ ගලවා ගැනීමේ ඒකක ළඟා වී ඇති අතර, මියගිය අයගේ දේහයන් කත්මන්ඩු අගනුවර වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

    Latest News