සර්බියාවේ වෙඩි තැබීමකින් 8 දෙනෙකු මරුට

මැයි 05, 2023

    සර්බියාවේ ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව, එරට පොලිසිය පවසනවා.

    බෙල්ග්‍රේඩ් අගනුවර පාසලකින් වාර්තා වූ වෙඩි තැබීමෙන් පසු සිදු වූ දෙවැනි සමූහ වෙඩි තැබීම මෙයයි.

    සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවරට තදාසන්නව පිහිටි “ම්ලාඩෙනෝවැක්” නගරය ආසන්නයේදී ඊයේ සවස මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් 13 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News