ඇල්ප්ස්හි හිමකුණාටුවෙන් මරණ 4ක්

අප්‍රේ 10, 2023

    ඇල්ප්ස් කඳුකරයේ ඇති වූ හිම කුණාටු තත්වයකින්, පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා. මිය ගිය පිරිස් අතර, සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනෙකු ද සිටිනවා.

    අනතුර, ගිනිකොණදිග ප්‍රශ‍යේ "මෝන්ට් බ්ලැක්න් ග්ලැසියරය" ආසන්නයේ සිදු වුණා.

    හිමකුණාටුවත් සමග ග්ලැසියරය මුදුනේ හිම තට්ටුවක් කඩා වැටී තිබෙනවා. තුවාල ලැබූවන් කිහිපදෙනෙකු රෝහල් ග‍ත කෙරුණා.

    තවත් දෙදෙනෙකු අතුරුදන්. කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායම් සුනඛයින් උපයෝගී කරමින්, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    මිය ගිය අයට අනතුරට පත් වූවන්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සිය සංවේගය ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News