ඉතියෝපියානු යානයේ වාසනාවන්තම මගියා

මාර් 12, 2019

    සියලු දේ වන්නේ හොඳටයි, එසේත් නැතිනම් සමහර අතපසුවීම් වන්නේ හොඳටයි.

    සමහර දේ ලැබීම මෙන්ම සමහර දේ නොලැබී යාමත් විටෙක වාසනාව ගෙන එන කරුණක්. මේ සිටින්නේ ඇන්ටෝනියෝ මැවුරෝපෝලෝස් (Antonis Mavropoulos).

    ඔහු ග්‍රීක ජාතියෙක්. පසුගියදා කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ ගමන් කරන්නට නියමිතව අසුන් වෙන්කොටගෙන තිබූ 150 වැනි මගියා ඔහුයි. එහෙත් ඔහුට නියමිත වේලාවට ගුවන්තොටුපළට පැමිණීමට නොහැකිවීමෙන් ගුවන් යානය මිනිත්තු දෙකකින් මඟහැරුණා.

    "ගුවන් පරීක්ෂා කවුලුවේදී ඔවුන්ට මාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට මද වේලාවක් ගතවුණා. මා ගුවන් යානය පිටවන දොරටුවට දිවගෙන පැමිණියත් ඒ වන විට යානයේ දොරටු වසා දමමින් තිබුණා. එමනිසා ඔවුන් මා යානයට ලියාපදිංචි කළේ නැහැ. ඔවුන් කිසිවෙක් මා හට යානයට ගොඩවීමට උදවු කළේත් නැහැ. මා ඉතා දුකින් මා අතහැර යන යානය දෙස බලා සිටියා.

    ඉන්පසුව ගුවන්තොටුපළ නිළධාරියෙක් ඔහුව ගුවන්තොටුපල ආරක්ෂක අංශය වෙත යොමු කළා. එහෙත් ඉන්පසු ඔහුට දැනගන්නට ලැබුණු පුවතෙන් ඔහු අධික කම්පනයටත්, බියටත් පත්වූවා. මිනිත්තු දෙකකින් ඔහුට මඟහැරුණු යානය ගුවන් ගත කිරීමෙන් මොහොතකට පසු කඩාවැටී ඇති බවත් එහි නැගී පිටවූ සියලුම දෙනා මරමුවට පත්වී ඇති බවත් ඔහුට දැනගන්නට ලැබුනා.

    "ඔබ ආයතනයට විරුද්ධව නැගීනොසිට, තමාට සිදුවූ අතපසුවීම විඳදරා ගැනීම නිසා මෙය ඔබට දෙවියන් විසින් දුන් ත්‍යාගයක් විය යුතුයි, වහාම ඔබ දෙවියන්ට ස්තූති කරන්න" එහිදී එහි සිටි තවත් ගුවන් නිළධාරියෙකු ඔහුට කියා සිටියා.

    ඇන්ටෝනියෝ ජාත්‍යාන්තර ඝණ අපද්‍රව්‍ය මැඩලීම පිලිබඳ සංවිධානයක සභාපතිවර⁣යෙකි. ඔහු කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වූ එක්සත්ජාතීන්ගේ සංවිධානයේ සමුළුවකට සහභාගිවීම සඳහා මෙම ගුවන් යානය වෙත පැමිණ තිබුණා.

    ලොව ගුවන්යානා නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන ඇමරිකානු බොයිං සමාගමට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ, මගීන් හා කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකුට මරු කැදවමින් පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බොයිං 737 මැක්ස් - 8 වර්ගයේ කඩා වැටීමත් සමයි.

    යානයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා ගුවන් යානයේ නියමුවා එය ආපසු ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ යානය කඩා වැටී ඇති බවට වාර්තා වුණා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ දී ගුවන් යානය තුල කොරියානු ජාතිකයන් 32 ක්, කැනඩා ජාතිකයන් 18 ක්, බි‍්‍රතාන්‍ය ජාතිකයන් හතක්, ඇමරිකානුවන් අටක්, චීන ජාතිකයන් 8 ක් හා ඉතාලි ජාතිකයන් 8ක් එහි සිටි බවයි. එසේම අනතුර සිදුවන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන් 19 ක් ද එහි සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    කෙසේ වෙතත්, අනතුරින් මියගිය සියලුදෙනා වෙනුවෙන් තමා දැඩිලෙස ශෝකී වනබවත් තමන්ට සිදුවූ අතපසු වීමෙන් තමන්ට නැවත ලැබුනු තම ජීවිතය වෙනුවෙන් තමා දෙවියන්ට ස්තූති වන බවත් ඇන්ටෝනියෝ කියා සිටිනවා.

    පින්තූරයේ වම්පස සිටින්නේ අනතුරින් බේරුනු ඇන්ටෝනියෝ සහ දකුණුපස තිබෙන්නේ මඟහැරුණු ගුවන් යානයේ තමන්ගේ ආසනය වෙනුවෙන් වෙනකොටගත් ගුවන් ටිකට් පතයි.

    -හසිත හේරත්-

    53570516 2372601849458551 7728485304859885568 n

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 19:01

    Latest News