දේශගුණ විපර්යාස ගැන ගෝලීය කතිකාවක්

ඔක් 26, 2022

    දේශගුණික විපර්යාස ලොව පුරා මිනිසුන්ගේ සෞඛ්‍යට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව, ප්‍රමුඛ වෛද්‍ය සඟරාවක් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

    ගෝලීය ප්‍රඡාව තවමත් දේශගුණික විපර්යාස කෙරෙහි සැලකිය යුතු අවධානයක් නොදැක්වීම බරපතල තත්වයක් බවයි, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ."ලැන්සෙට්" වෛද්‍ය සඟරාවේ වාර්තාවක දැක්වෙන්නේ, ලොව තමවත් පොසිල ඉන්ධන මත රඳා පවතින බවයි. එමගින් ආහාර, අනාරක්ෂිතභාවය, බෝවන රෝග සහ අධික උණුසුම ආශ්‍රිත රෝගාබාධ ඇති වීමේ අවදානම ඉහළ නංවා තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගු‍ටරෙස්ට් ද මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. ගෝලීය නායකයන් මෙම අර්බුදයේ සැබෑ ස්වභාවය වටහාගෙන ක්‍රියා කළ යුතු බවයි, ඔහු කියා සිටියේ. ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වෙන ලොව ප්‍රධානතම දේශගුණික සමුළුවක් වන"කොප් 27" සමුළුවේ දී ද, ගෝලීය නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර, තීරණ රැසක් ගනු ඇති‍.

    Latest News