චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය අද(16)

ඔක් 16, 2022

    චීනයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය  අද (16) පෙරවරු 10ට බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේ දී ආරම්භ විය.

    2300කට වැඩි නියෝජිත පිරිසක් හා විශේෂ ආරාධිතයෝ ඊට එක්වූහ. අද (16) සිට 22 වැනිදා දක්වා කොංග්‍රසය පැවැත්වේ.චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරීක්ෂා කර සම්මත කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසම ඡන්ද විමසීමෙන් තෝරාගැනීම මෙවර කොංග්‍රසය තුළදී සිදුකිරීමට නියමිතව තිබේ.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව මෙහිදී ඉදිරිපත් කළේය. ජනතා අභිමුඛ සංවර්ධනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයෙන් රට බලගැන්වීමේදී ප්‍රථම මෙහෙවර බව ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. එසේම, ප්‍රබල තාක්ෂණික පදනමකින් තොරව සමාජවාදී නවීකරණ රටක් නිසිලෙස ලෙස ගොඩනැගිය නොහැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාරය වන්නේ, සමාජවාදී නවීකරණ බලවත් රාජ්‍යයක් අංග සම්පූර්ණයෙන් ගොඩනගමින් දෙවන සියවස් ඉලක්කය සම්පූර්ණ කිරීම බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

    Latest News