බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ ඉහළ මන්ත්‍රි මණ්ඩලය ඇමතූ රොබෝ තරුණිය

ඔක් 12, 2022

    ‍කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක රොබෝ තරුණියක, බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ ඉහළ මන්ත්‍රි මණ්ඩලය හෙවත් සාමි මන්ත්‍රි මණ්ඩලය අමතනු ලැබුවා.

    මෙවැනි රොබෝ නිර්මාණයක් සාමි මන්ත්‍රි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

    “අයි ඩා” නැමති මෙම රොබෝ නිර්මාණය ඉදිරිපත් කෙරුණේ, සාමි මණ්ඩලයේ සන්නි‍වේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කමිටුවටයි. රොබෝ යුවතිය, සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලි වන්නේ කෙසේ ද යන්න පිළිබඳව අදහස් දැක්වුවා. “අයි ඩා” චිත්‍ර ශිල්පිනියක ද වනවා. ඇය පසුගිය දිනවල ලොව පුරා ජනප්‍රිය වූයේ, තනිවම ඇගේ කෘතිම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රුව සිතුවමට නැගීමත් සමගයි.

    Latest News