බසය ප්‍රපාතයට පෙරළීමෙන් 23ක් ජිවිතක්‍ෂයට

දෙසැ 23, 2018

    නේපාලයේ බස් රථ අනතුරකින් 23 දෙනෙක් ජිවිතක්‍ෂයට පත්වෙති.

    ඉන් බහුතරය පාසල් සිසුන් සහ ගුරුවරුන් බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස් රථය අඩි 2,300ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 14කි. පාසල් සිසුන් සහ ගුරුවරුන් රැගත් බස් රථය අධ්‍යාපන චාරිකාවක් නිමාකොට යළි ගම්බිම් බලා පැමිණිමේදී අනතුරට ලක්ව ඇත.

    Neppo px 900 18 12 23

     

    මියගිය සිසුන් වයස අවුරුදු 16ත් සහ 20ත් අතර වේ. අනතුරට හේතුව, කඳුකර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කිරීම විය හැකි බව, පොලිසිය පවසයි. නේපාලයේ, මාර්ග අනතුරු බහුලව සිදුවේ.

    Nepo px 900 18 12 23

    අබලන් මාර්ග, නිසි නඩත්තුවකින් තොර වාහන මාර්ගවල ගමන් කිරීම සහ අපරීක්‍ෂාකාරී රිය ධාවනය අනතුරුවලට ප්‍රධානතම හේතුවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 18:00

    Latest News