චීනයේ ජාතික විරු සැමරුම

සැප් 30, 2022

    චීනයේ ජාතික විරු සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වුනා.

    සෑම වසරකම සැප්තැම්බර් 30 වනදා, චීන දේශයේ නාමයෙන් දිවිපිදූ ජාතික විරුවන්ට හරසර දැක්වීමේ දිනයයි. අද (30) පැවති ජාතික විරු සැමරුම් උළෙලේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ සහ විවිධ පර්ෂදවල නියෝජිතයෝ ටියැන්මන් චතුරස්‍රයේදී විරුවන්ට පුෂ්පෝපහාර පුදකළා.

    ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ ජාතික විරුවන්ගේ ස්මාරක කුලුණ වටා ගමන් කර ඔවුන්ට ගෞරව හරසර පිරිනැමූවා.

     

    අරෝෂා සමරදිවාකර - චීනයේ බීජිං නුවර සිට...

    Last modified on සිකුරාදා, 30 සැප්තැම්බර් 2022 19:52

    Latest News