යුක්‍රේනයේ ප්‍රදේශ 4ක ජනමත විචාරණය අවසන්

සැප් 28, 2022

    රුසියානු හමුදාව අත්පත් කර ගෙන සිටින යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක පැවති ජනමත විචාරණය අවසන් වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජනමත විචාරණයෙන් රුසියාව ජය ලබා ඇති බවයි.

    ජනමත විචාරණය පැවැත්වුණේ, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස් යන ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකයි. මෙම කලාපවල බලධාරීන් සිය සහය මුළුමණින්ම රුසියානු රජයට පළ කර තිබෙනවා.

    එහෙත්, යුක්‍රේන රජය සහ ඔවුන්ට සහය පළ කරන බටහිර රටවල් ඇතුළු සෙසු කණ්ඩායම් මෙම ජනමත විචාරණය නිෂ්ඵල ව්‍යාජ එකක් බවටයි, චෝදනා කරන්නේ.

    ජනමත විචාරණය පැවැත්වූයේ, ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැතිව සහ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ද සහභාගීත්වයකින් තොරවයි. මේ නිසා ජනමත විචාරණයේ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය නිර්ණය කිරීමක් සිදු වී නොමැති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

     ඉදිරියේදී රුසියාවට සිය භූමි ප්‍රදේශය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමට මින් අවස්ථාව සැලසෙනු ඇති.

    දැඩි ජාත්‍යන්තර විරෝධයක් මධ්‍යයේ මෙම ක්‍රියාවලිය සිදු විය හැකි නිසා, ඉදිරියේදී තවත් අර්බුද රැසක් උද්ගත විය හැකි බවයි, දේශපාලන විචාරකයන් පවසන්නේ.

    Latest News