අමෙරිකාවේ රහස් හෙළි කළ එඩ්වඩ්ට රුසියානු පුරවැසිභාවය

සැප් 27, 2022

    අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙළි කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය ලබාදී තිබේ.

    ඒ, අදාළ රහස් හෙළි කිරීමෙන් වසර 09 කට පසුවයි.

    2013 වසරේදී ස්නෝව්ඩන් විසින් අමෙරිකානු ජාතික ආරක්ෂණ ඒජන්සිය සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර මෙහෙයුම් රැසක ලේඛණ අනාවරණ කළේය.

    මෙම සිදුවීමෙන් පසු අමෙරිකාවෙන් පළා ගොස් හොංකොං වෙත පැමිණි ස්නෝව්ඩන් පසුව රුසියාවේ පදිංචියට පැමිණියේය.

    ඉකුත් 2020 වසරේදී ඔහුට සිය රටේ ස්ථීර පදිංචිය ලබාදීමට ද රුසියානු රජය පියවර ගැනිණ. ඒ අනූව, ස්නෝව්ඩන්ට සිය රටේ පුරවැසිභාවය ලබාදීම සඳහා රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් අත්සන් තබා ඇත්තේ ඊයේ දිනයේදීයි.

    Latest News