පෘථිවි කක්ෂයට ආසන්නයේ ඇස්ටරොයිඩ බලපෑමක්

සැප් 29, 2020

    නොවැම්බර් 02 වැනිදා පෘථිවි කක්ෂය ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට ඉඩ ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

    නාසාහි පෘථිවි ආසන්න වස්තු පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ මෙම හෙළිදරව්ව සිදුකර තිබේ.

    අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ  ද නොවැම්බර් 03 වැනි දිනයි.

    මෙම ඇස්ටරොයිඩය 2018 VP-1 ලෙස නම්කර ඇත.

    ‘‘2018 VP-1 ඉතා කුඩා වස්තුවකි. එහි විශාලත්වය අඩි හය හමාරක් පමණ වන බව වාර්තා  වේ. පෘථිවියට එමගින් තර්ජනයක් සිදුවීමේ අවදානම අඩුයි. යම් හෙයකින් එය අපේ වායුගෝලයට ඇතුළු වුවහොත් එහි කුඩා බව නිසා පිලිස්සී දැවී යනු ඇති’’ බව නාසා ආයතනය පවසයි.

     

    Latest News