මුදාගත් 'ඉසියම්' නගරයේ සමුහ මිනිවලවල් සොයා පරීක්ෂණ

සැප් 17, 2022

    රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේ‍නයේ ඉසියම් නගරයේ යුද අපරාධ සිදු වී ඇති බවට එරට බලධාරින් චෝදනා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම නගරයේ සිටින බලධාරින් සමුහ මිනි වලවල් සොයා පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි.   

    යුක්‍රේනයේ ඉසියම් නගරය මාස හතරකට අධික කාලයක් මුළුමනින්ම පාහේ පැවතුනේ රුසියානු ග්‍රහණය යට‍තේයි.

    යුක්‍රේන හමුදාවල සාර්ථක ප්‍රතිප්‍රහාර හා විශේෂ මෙහෙයුම් හේතුවෙන් ඉකුත් සතියේ "කාකීව් "කලාපයට අයත් වර්ග කි‍ලෝමීටර් 8000කට ආසන්න ප්‍රදේශයේ යළි සිය හමුදා විසින් අත්පත් කර ගනු ලැබු, බව ජනාධිපති "‍ව්ලොදමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

    යුක්‍රේන හමුදාව"කාකීව්" කලාපයේ පිහිටි "ඉසියම්" නගරයේ සිදු කළ නිරීක්ෂණ කටයුතුවලදී යුද අපරාධ සිදු වී ඇති බවට සැකයක් පහල වීමත් සමග නගරයේ සහ අවට ප්‍රදේශ සෝදිසි කිරීම්වලට ලක් කෙරිණ. 

    බලධාරීන් පවසන්නේ මෙහිදි යුද අපරාධ සිදු වූවා යැයි කියන ඉසියම් නගරයට ආසන්න වනාන්තරයක කළ කැණීමකදී සමුහ මිනී වලවල් රැසක් හමුවී ඇති බවයි.    

    Last modified on සෙනසුරාදා, 17 සැප්තැම්බර් 2022 11:42

    Latest News