බ්‍රිතාන්‍ය මුදල් සහ මුද්දරවලට, මහ රැජින‍ගේ රුව වෙනුවට තෙවැනි චාල්ස් රජුගේ රුව...

සැප් 13, 2022

    අභාවප්‍රාප්ත වූ දෙවැනි එළි‍සබෙත් මහ රැජිනගේ රුව, බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු, පවුමේ කාසි සහ මුද්දරවලින් ඉවත් කරන බව, එංගලන්ත මහ බැංකුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව කියා සිටින්නේ, තෙවැනි චාල්ස් රජුගේ රුව ඒවාට ඇතුළත් කිරීමට ක්‍රියා කරන බවයි. ‍එංගලන්ත මහ  බැංකුව සඳහන් කර ඇත්තේ, ඉවත් කිරීමට නියමිත බැංකු නෝට්ටු ප්‍රමාණය මිලියන 4.7  ක් වන බවයි. ඒවායේ වටිනාකම පවුම් බිලියන 82 ක්. මේ වන විටත් පැරණි මුදල්‍ නොට්ටු,  බැංකුවලින් සහ තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නොහැරෙනු ඇති බවයි, මහ බැංකුව කියා සිටින්නේ. ඒ වෙනුවට නව රජු  වන තෙවැනි චාල්ස්ගේ රුව සහිත මුදල් නොට්ටු නිකුත් කිරීමේ කටයුතු මේ වන විට මූලික අදියරට එළඹ ඇති  බවද, එංගලන්ත මහ බැංකු නිවේදනයේ සඳහන්.

    Latest News