‍‍අමෙරිකාවෙන් චීනයට තවත් වෙළඳ සීමා

සැප් 12, 2022

    ‍‍අමෙරිකාව, ලබන මාසයේ සිට චීනයෙන් ආනයනය කරනු ලබන මෘදුකාංග සහ දුරකථන කොටස් සීමා කිරීමට තීරණය කර තිබෙනවා.


    ජෝ බයිඩන්ගේ පාරිපාලනය ද චීනය ඉලක්ක කරගනිමින් මෙවන් පියවර ගැනීම අවධානයට ලක් වූ කරුණක්.

    අමෙරිකාව මේ වසර මුලදී චීන සමාගම් 3 කට නව රෙගුලාසි පැනවීමට ක්‍රියා කළා. කෙසේ වුවද, ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ චීන - අමෙරිකා වෙළඳ යුද්ධය උග්‍ර අතට පත්වුණා. ජෝ බයිඩන් බලයට පත් වීමෙන් පසු චීනය සමග මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ ස්වභාවයක් මුලදී පෙන්නුම් කළා. කෙසේ වුවද මේ වන විට චීනය ඉලක්ක කර ගනිමින් වක්‍රාකාරයෙන් විවිධ සීමා කිරීම් පැන වීමට අමෙරිකානු රජය ක්‍රියා කරනවා. මේ නිසා බයිඩන් පාලන සමයේ දී ද, දෙරට අතර වෙළඳ යුද්ධයක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, ගෝලීය ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

    Latest News