කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

සැප් 06, 2022

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්රිහාරයක් එල්ල වී තිබෙනවා. ප්ර්හාරයෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මරාගෙන මැරෙන බෝම්බකරුවකු, රුසියානු තානාපති කාර්යාලයේ දොරටුව අසලදී පුපුරණ ද්රුව්යර අඩංගු උපකරණයක් පුපුරුවා හැර තිබෙනවා. බෝම්බකරු මෙතෙක් හඳුනාගෙන නැහැ.

    ඔහුව, ආරක්ෂක භටයින් විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ තිබෙනවා. මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ. මිය ගොස් සිටින අනෙක් සිව් දෙනා සිවිල් වැසියන් බවයි, කාබුල් පොලීසිය පවසන්නේ.

    වෙඩි තැබීමට වෙඩික්කරු පුපුරුවාහැරීමක් සිදු කළා ද, නැතහොත් වෙඩී තැබීමෙන් පුපුරණ ද්රරව්යර පුපුරා ගියේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.

    Latest News