කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 43ක්

දෙසැ 26, 2018

    ඇෆ්ගනිස්තානයේ රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යයි.

    තවත් 25 දෙනෙක් තුවාල ලැබූහ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක්, කාබුල් නුවර පොදු කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වී තිබේ. මෙම අවස්ථාවේ දී එහි සේවය කළ සිය ගණනක් වූ පිරිස්, ගොඩනැගිල්ල තුළ කොටුවුහ.

    ඇතැම් පිරිස් ජීවිතය බේරාගැනීමට ගොඩනැගිල්ලෙන් පිටතට පැන ඇති බව, විදෙස් වාර්තාවල සදහන් වේ. ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක් සමග වෙඩි තැබීම සිදු කෙරිණ. එම අවස්ථාවේ දී ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදියෙකු ගොඩනැගිල්ල තුළට ද කඩා වැදී තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ සිදු කළ ප්‍රතිප්‍රහාරවලින් ජීවිතක්ෂනයට පත්ව තිබේ.

    Latest News