චිනයේ භූකම්පනයකින් 65ක් මරුට...

සැප් 06, 2022

    චීනයේ නිරිත දිග ප්‍රදේශයන්ට බලපෑ භූකම්පනයක් හේතුවෙන්  65 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    භූකම්පනය, මැග්නිටියුට් ඒකක 6.6 ක් ලෙසයි, සටහන් වී තිබුණේ‍.  භූකම්පනය ඇති වීමත් සමග  සීචුවාන් ප්‍රදේශය හා ඒ අවට නගර රැසක විදුලිය ඇනහිටීම් සිදු වූ අතර, දුරකථන රැහැන් කැඩී  යාම නිසා සන්නිවේදනයට බාධා මතු වූ බව,  වාර්තා  වනවා. මේ නිසා අපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ දී දැඩි අපහසුතාවකට මුහුණ දීමට බලධාරීන්ට සිදු වී තිබෙනවා.  කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් සතියේ සිට “සීචුවාන්හි” චෙන්ග්ඩු ‍අගනුවර දෙකෝටි දස ලක්‍ෂයකට  අධික පිරිසකට සිය නිවෙස් තුළම රැඳී සිටින ලෙසට උපදෙස් ලැබී  තිබුණා. මේ නිසා බොහෝ දෙනා සිය නිවෙස් තුළම සිරවී මිය ගොස් සිටි  බව, වාර්තා වනවා.

    Latest News