'හිනම්නෝ' දකුණු කොරියාවට ඇතුළු වෙයි

සැප් 06, 2022

    'හිනම්නෝ' ප්‍රබල සුළි කුණාටුව අද අලුයම දකුණු කොරියාවට ඇතුළු වී තිබෙනවා.  වසර ගණනාවකට පසු එරටට බලපෑ ප්‍රබලම සුළි කුණාටුව මෙයයි.

    මේ වන විට පැයට කිලෝමීටර 144 ක වේගයෙන් සුළි කුණාටුව හමා යමින් පවතින බව දකුණු කොරියානු කාලගුණ විද්‍යා අංශ පවසනවා. හිනම්නෝ සුළු කුණාටුවෙන් එරට දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.  කුණාටුවේ බලපෑමත් සමග එම ප්‍රදේශයට අධික වැසි හටගෙන තිබේ. 

    මාර්ග රැසක්ද විනාශ වුණා.   විදුලි රැහැන් පද්ධතියට හානි සිදුවීම නිවාස විසිදහසකට පමණ විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වනවා. සුළි කුණාටවත් සමග ඇති විය හැකි ගංවතුර තත්වය මෙන්ම, නායයෑම් සහ උදම් රළ පිළිබඳවද ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ. 

    දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද දකුණු කොරියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

    Latest News