ඉදිරියේදී යුරෝපා රටවල සිවිල් ජනතා නොසන්සුන්තාවක් හට ගැනීමේ අවදානමක් පවතින බව, ආර්ථික විශේෂඥයින් පවසයි....  

සැප් 02, 2022

    ඉදිරි මාස කිහිපය තුළ බලශක්ති මිල තවදුරටත් ඉහළ යාම හේතුවෙන් යුරෝපා රටවල සිවිල් ජනතා නොසන්සුන්තාවක් හට ගැනීමේ අවදානමක් පවතින බව, ආර්ථික විශේෂඥයින් පවසනවා.  

    රුසියා - යුක්‍රේන යුද ගැටුම්, ඉහළ යන බලශක්ති මිල, ජීවන වියදම සහ කොරෝනා වසංගතය පමණක් නොව ස්වභාවික විපත් යුරෝපා රටවල ආර්ථිකයන් කෙරෙහි මේ වන විට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, යුරෝපා කලාපයේ ධනවත්ම රටවල්, ඉදිරි මාස කිහිපයේදී ආර්ථික වශයෙන් දැඩි අවදානමකට මුහුණ දෙනු ඇති බවයි. බලශක්ති මිල සහ ජීවන වියදම ඉහළ යාමත් සමග එම රටවල වීදි විරෝධතා සහ පෙළපාලි ඇතුළු සිවිල් ජනතා නොසන්සුන්තාවක් පැන නැගීමේ අවදානමක් මතුව ඇති බව, විශේෂඥයින්ගේ අදහසයි.  

    Latest News