ඇමර්සන් වනාන්තරයේ යළිත් ලැව් ගිනි...

අගෝ 26, 2022

    බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ යළි ලැව් ගිනි හට ගෙන තිබෙනවා.

    වසර 15 ක  කාලයක් තුළ හට ගැනුණු වඩාත් බලපෑම් සහගත ලැව් ගිනි තත්වය මෙය බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.  ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ, ඇමර්සන් වනාන්තරයයි. එහෙත්, එහි නිරන්තර ලැව් ගිනි හේතුවෙන් වනාන්තරය විනාශ වෙමින් පවතින බව, විද්‍යාඥයන් පවසනවා.

    චන්ද්‍රිකා නිරීක්‍ෂණ මගින්  ඉකුත් 22 වැනිදා ලබා ගත් වාර්තාවන්ට අනුව වනාන්තරයේ ස්ථාන කිහිපයක ලැව් ගිනි 3,358 ක් අනාවරණය වුණා. එය, 2007 වසරේ සැප්තැම්බර් මාසයට පසු,  දිනක් තුළ ඇමර්සන් වනාන්තරයේ නිරීක්‍ෂණය වූ වැඩිම ලැව් ගිනි සංඛ්‍යාව බව, විදෙස් වාර්තාවල සඳහන්.                           

    Last modified on සිකුරාදා, 26 අගෝස්තු 2022 17:58

    Latest News