ඉන්දියාව නිදහස ලබා වසර 75ක්

අගෝ 15, 2022

    ඉදිරි වසර 25 තුළදී ඉන්දියාව, සංවර්ධිත රටක් බවට පත් වන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

    එරට 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

    ඉන්දියාව, අද දින සිය 75 වැනි නිදහස් දින උත්සවය සමරනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවය දිල්ලි අගනුවරදී මේ වන විටත් පැවැත්වෙනවා. උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, තවත් වසර 25 කින්, එනම්, ඉන්දියාව නිදහසේ ශතක සංවත්සරය සමරන මොහොතේ, ළඟා කර ගත යුතු සංවර්ධන ඉලක්කය සඳහා සියලුදෙනා කැපවී කටයුතු කළ යුතු බවයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ද අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. නිදහස් උත්සවය වෙනුවෙන් දිල්ලි නගරය පුරා විශාල ආරක්ෂාවක් සපයා තිබූ අතර, දහදහසකට අධික හමුදාභටයින් පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණා.

    Latest News