මිත්‍ර රටවලට තම නවීන අවි අලෙවි කිරීමට රුසියාව සූදානමින්

අගෝ 16, 2022

    දියුණු සහ නවීන අවි ගෝලීය වශයෙන් මිත්‍ර පාර්ශ්වයන්ට අලෙවි කිරීමට සහ මිලිටරි තාක්‍ෂණය දියුණු කිරීම සඳහා ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

    තම නවීන අවි, වෙනත් රටවල ඇති ඒවාට වඩා බෙහෙවින් උසස් බවයි, ඔහු කියා සිටින්නේ.

    මොස්කව් නගරයෙන් පිටත පැවති අවි සංදර්ශනයක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ලතින් අමෙරිකාව,ආසියාව සහ අප්‍රිකානු රටවල් සමග සිය ශක්තිමත් සබඳතාව අ‍ගය කරන බවත්, හවුල්කරුවන්ට සහ මිත්‍ර රාජ්‍යයන්වලට කුඩා අවි සන්නද්ධ රථ, කාලතුවක්කු, නියමුවන් රහිත ගුවන්යානා වැනි දෑ පිරිනැමීමට තමා සූදානම් බවද, පුටින් මෙහිදී අවධාරණය කළා.

    Latest News