ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන්, සිවිල් වැසියන් 21 දෙනෙකු සහ ආරක්ෂක අංශ නිලධාරීන් 4 දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉහළ යන ජීවන වියදමට සහ දූෂණයට එරෙහිව ඉකුත් බදාදා ආරම්භ වූ විරෝධතා, ප්‍රචණ්ඩකාරී ගැටුමක් බවට පත් වුණා. එරට උප ජනාධිපතිවරයා, තත්වය පාලනය කිරීම සඳහා එරටට ඇඳිරිනීතිය පැනවූවා. ජාතිය අමතමින් උප ජනාධිපතිවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයින් ප්‍රචණ්ඩත්වයෙන් යුත් අනවසර විරෝධතාවක් දියත් කර ඇති අතර, එමගින් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු අහිංසක සියරා ලියෝන් වැසියන්ගේ ජීවිත අහිමි වී ඇති බවයි. මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය හේතුවෙන්, සාමාන්‍ය වැසියන් කොපමණ සංඛ්‍යාවක් මිය ගියාද යන්න, තවමත් පැහැදිලි වී නැහැ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර, එරටේ පොලිසිය පවසන්නේ, එහි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මියගොස් ඇති බවයි. විදෙස් සංචාරයක නිරත වී සිටි සියරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩා බයෝ එරටට ආපසු පැමිණ තිබෙනවා. මෙම ප්‍රචණ්ඩකාරී තත්වය සහ විරෝධතා පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට ඔහු පවසා සිටියා. එරටින් ලැබී ඇති නවතම වාර්තාවලට අනුව, බොහෝ ප්‍රදේශ මේ වන විට සන්සුන්ව සහ යම් පාලනයකට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ.