බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂිඩ් පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වේ...

අගෝ 13, 2022

    ඉන්දීයානු සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂිඩ් නියෝක් ප්‍රාන්තයේ පැවති සාහිත්‍ය උත්සවයකදී පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

    වෛද්‍යවරුන් පවසන්නේ ඔහු හදිසි ‍ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි.  රුෂිඩ්ගේ "ද සැනටික් වර්සස්" නැමති ග්‍රන්ථය ඉස්ලාමීය ධර්මයට අපහසයක් සේ සලකා 1988 වසරේ සිට ඉරානයේ තහනමට ලක් කෙරුණා. සල්මන් රුෂිඩ් විසින් රචිත "මිඩ් නයිට් චිල්ඩර්න්" නව කථාව 1981 වසරේ බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්ත‍ය විසින් ප්‍රදානය කරන හොඳම නව කථාවට අයත් "බුකර්" සම්මානයෙන් පිදුම් ලැබුවා.

    ඔහු 1988 අන්දෝලනාත්මක "ද සැනටික් වර්සස්" නැමති ග්‍රන්ථය එළි දැක්වූ අතර එය ඉරානයේ තහනමකට ලක්කෙරුණේ, ඉස්ලාම් ආගමට එම ග්‍රන්ථය මගින් අපහාස වන බවට චෝදනා එල්ල කරමින්. එම ග්‍රන්ථයට උරණ වූ ඉරානයේ එවක සිටි අධ්‍යාත්මික නායක රහුල්ලා කොමියුනි සල්මන් රුෂිඩ් හට මරණ වරෙන්තුවක් නිකුත් කළා. වසර ගණනාවක් සැඟවෙමින් දැඩි ජීවිත තර්ජන ද නොතකා ආරක්ෂිතව තම වෘත්තිය ජීවිතය ගෙන ගිය රුෂිඩ් ඊයේ දින සාහසිකයෙකුගේ පිහි පහරකට ලක් වුණා. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යොක් නුවර සාහිත්‍ය උළෙලක දේශනයක් පවත්වමින් සිටියදී.

    නාඳුනන පුද්ගලයෙකු විසින් ඔහුගේ බෙල්ලට සහ උගුර ප්‍රදේශයට පිහි පහරවල් කිහිපයක් එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. නිව්යොක් පොලිසිය මෙම සිදු වීම සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ප්‍රහාරයෙන් පසුව ලේඛක සල්මන් රුෂිඩ් වහාම හෙලිකොප්ටර් යානයකින් ප්‍රාදේශිය රෝහලකට ගෙන ගිය බව පොලිසිය ප්‍රකාශ කළා. නිව්යොක්  ආණ්ඩුකාර කැති ‍ෆොචුල් මහත්මිය කියා සිටියේ, රුෂිඩ් තවමත් ජීවතුන් අතර සිටින බවයි. ඔහු ‍ශල්‍යකර්මයකට භාජන කර ඇති බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.

    Latest News