ක්‍රිමියාවේ විශාල පිපිරීමක්

අගෝ 10, 2022

    රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ විශාල පිපිරීමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ආයුධ ගබඩාවක් පුපුරා ගොස් ඇති බවයි.

    පිපිරීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍යවල  සඳහන් වන්නේ. ක්‍රිමියාවේ පිහිටි “සාකි” හමුදා කඳවුර තුළ පිහිටි ආයුධ ගබඩාවක් මෙසේ පුපුරා ගොස් තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, මෙම පිපිරීම පිටතින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි.

    රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකා‍ශ කළේ,  ගුවන්යානා උණ්ඩ පුපුරායාමක් හේතුවෙන් පිපිරීම ඇතිවූ බවයි. පිපිරීම නිසා කිසිඳු ගුවන් යානයකට හෝ යුධ උපකරණයකට හානි සිදු නොවූ බව, රුසියාව පවසනවා.

    එම ප්‍රහාරයට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි, යුක්‍රේනය ප්‍රකාශ කළා.

    Last modified on බදාදා, 10 අගෝස්තු 2022 10:59

    Latest News