ක්‍රිමියානු කලාපයේ විශාල යුද අභ්‍යාසයක්

අප්‍රේ 23, 2021

    රුසියාව ක්‍රිමියානු කලාපයේ විශාල යුද අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

    ඒ එරට ආරක්ෂාක අමාත්‍ය සර්ගෙ ෂොයිගුගේ මෙහෙයවීමෙන්. යුද අභ්‍යාසයට ගුවන්යානා, යුධ නෞකා සහ යුද ටැංකි ද එක්කර තිබුණා. හමුදා භටයින් දසදහසකට අධික පිරිසක් ඊට සහභාගී වූ බවයි වාර්ථා වන්නේ. යුද අභ්‍යාසයයට එක්කර තිබූ යුද නෞකා සංඛ්‍යාව 40ක්. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා යුද අභ්‍යාසය පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රුසියාව සහ යුක්රේනය අතර මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර ලක්ෂ දෙකකට අධික හමුදා භටයින් සංඛ්‍යාවක් දෙරටේ දේශසීමාව ආසන්නයේ රඳවා ගනු ලැබ සිටිනවා.

    රුසියාව යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියානු කලාපය තම රටට ඈඳා ගත අතර ඒ මුල් කරගනිමින් දෙරට අතර පවතින්නේ පවතින ගැටුම්කාරි තත්ත්වයක්.

    Latest News