සංචාරය ගැන කනගාටුවක් නොමැති බව නැන්සි පෙලෝසි කියයි

අගෝ 10, 2022

    තායිවානයේ තමා සිදු කළ සංචාරය පිළිබඳව කිසිසේත් කනගාටු නොවන බව, අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසි පවසයි.ඇය සඳහන් කරන්නේ, සිය සංචාරය ඉතා වැදගත් වූ බවයි.

    සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් කර සිටියේ, ඉතා හොඳ ද්වීපාර්ශ්වීය සහයෝගයක් තායිවානයෙන් හිමිවූ බවයි.

    එසේම ඇයට සහ දූත පිරිසට තායිවානයෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බවද, පෙලෝසි සඳහන් කළා. තායිවානය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම පිළිබඳව ඇය සිය කනස්සල්ල පල කළාය. 

    චීනය සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඇය ප්‍රකාශ කළාය. 

    Last modified on බදාදා, 10 අගෝස්තු 2022 10:59

    Latest News